28 C
Colombo
Tuesday, September 21, 2021

සිසිලිය ගිනි ගනී

මධ්‍යධරණී උණුසුම් වා දහරෙන් ලැව් ගිනි පැතිරෙන ඉතාලියේ දකුණු දිග සිසිලි දිවයිනෙන් යුරෝපයේ මෙතෙක් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය ඊයේ වාර්තා වුණා.

ඉතාලි කාලගුණ අංශ සඳහන් කරන පරිදි සෙල්සියස් අංශක 48යි දශම 8ක උෂ්ණත්වයක් එහි දී වාර්තා වූ අතර, මෙතෙක් යුරෝපයෙන් වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය වන්නේ 1977 වසරේ ග්‍රීසියෙන් වාර්තා වූ සෙල්සියස් අංශක 48ක උෂ්ණත්වය යි.

උණුසුම් වා දහර හේතුවෙන් ඉතාලියේ අනෙකුත් ප්‍රදේශවල ද උෂ්ණත්වය ඉදිරි දිනවල දී ඉහළ යා හැකි බවට යි ඉතාලි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

මේ අතර, සිසිලියේ සහ කලබීරයා ප්‍රදේශයේ ලැවි ගිනි නිවිම සඳහා මෙහෙයුම් 300ට වැඩි සංඛ්‍යාවක් සිදු කළ බව ඉතාලි ගිනි නිවන අංශ ප්‍රකාශ කළා.

ඉතාලිය , ග්‍රීසිය ඇතුළු මධ්‍යධරණි මුහුදුට මුහුණ ලා පිහිටි රටවල දැන් පවතින උණුසුම් කාලගුණයට හේතු වී ඇත්තේ අප්‍රිකාවේ සිට හමන ලුසිෆර් ලෙස හදුන්වන සුළි සුළං ප්‍රතිරෝධී වායුගෝල පීඩන තත්ත්වයක්.
එමඟින් වාතය අවශෝෂණය කරගනු ලබන අතර, උණුසුම් වා දහර ජනනය කිරිමටත් හේතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
5
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත...

කොවිඩ් දේහයක් රැගෙන ගිය ලොරි රථයට හදිස්සියේ සිදු වු දේ

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ඊයේ සවස මුලතිව් කෝකිලායි...

ප්‍රා ස මන්ත්‍රී දෙමාපියන්ට පහර දෙයි

මාතර, වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසාද් මිලින්ද විසින් ඉඩම් ආරවුලක්...

නිරෝධායන ඇඳිරිනීතිය රට පුරා මෙලෙස ?

ඇඳිරිනීති කාලයක් රටපුරා ක‍්‍රියාත්මක වුවද, කොළඹ ඇතුළු ප‍්‍රදේශ රැසක මංමාවත්වල ජනතාව සහ රථවාහන අඩුවක්...

කොවිඩ් මරණ 93ක්

කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (19)...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x