සිසුවියගේ රුවට ලොල් වී ගුරුවරයෙකු කල ලොවක් නුහුලන අපරාධය

පාසල් සිසුවියක පැහැරගත් ගුරුවරයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙය සිදු වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි.

සිසුවිය පැහැරගැනීමට රූපලාවන්‍ය ශිල්පිණියක් සහ තවත් දෙදෙනෙකු ද අනුබල දී ඇති බව යක්කලමුල්ල පොලීසිය සඳහන් කළා.

සිද්ධියට මුහුණ දුන් සිසුවිය 16 හැවිරිදි වියේ පසුවන්නියක්වන අතර පැහැරගත් බව කියන තැනැත්තා 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු බව සඳහන්.

සිසුවියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇයගේ දෙමාපියන් විසින් මෙම ගුරුවරයා සිය නිවසට ගෙන්වාගෙන තිබෙන අතර ඒ අනුව ගුරුවරයා විසින් අදාළ සිසුවියට නිවසේ දී උපකාරක පන්තියක් පවත්වා තිබෙනවා.

අනතුරුව මෙම ගුරුවරයාත් සිසුවියත් අතර ප්‍රේම සබඳතාවක් ගොඩ නැගී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම සබඳතාවට සිසුවියගේ දෙමාපියන් අකමැති වී ඇත්තේ තම දියණියට වඩා ගුරුවරයා බොහෝ සෙයින් වැඩිමහලු බව පවසමින්.

අනතුරුව එම ගුරුවරයා සිසුවිය පැහැරගෙන යාමට සිතා ඇති අතර මේවන විට අනාවරණය වී ඇත්තේ සති 03ක් තිස්සේ ඒ සඳහා සැළසුම් කර ඇති බවයි.

සිය ෆේස්බුක් පිටුවෙහි පළ කිරීමට වීඩියෝවක් සැකසීමට අවැසි බවත්, ඒ සඳහා සහභාගී වීමට පැමිණෙන ලෙසටත් ඊයේ (25) මෙම ගුරුවරයා අදාළ සිසුවියට දුරකතන ඇමතුමක් දී පවසා තිබෙනවා.

සීතලදොළ ආරණය අසළ මෙම රූගත කිරීම සිදුකරන බවත්, ඒ සඳහා තවත් සිසුවියන් දෙදෙනෙකු ද සහභාගීවන බවත්, මේ සඳහා ප්‍රවාහන පහසුකම් ද සපයන බවත් ඔහු දැනුම් දී ඇති බව සඳහන්.

අනතුරුව ඔහු හඳුණන රූපලාවන්‍ය ශිල්පිණියකට දන්වා ඇත්තේ අදාළ දැරිය සහ අනෙක් දැරියන් දෙදෙනා රැගෙන එන ලෙසට යි.

ඒ අනුව දැරියන් තිදෙනා මෝටර් රථයක නංවා සැළසුම් කළ ප්‍රදේශයට යවා ඇති රූපලාවන්‍ය ශිල්පිණිය යතුරුපැදියක නැගී එම රථය පිටුපසින් පැමිණ ඇති බව පැවසෙනවා.

අදාළ ස්ථානයට දැරියන් රැගෙන ඒමෙන් අනතුරුව ත්‍රිරෝද රථයකින් ගුරුවරයා පැමිණ ඇති බවත් ඔහුගේ සහයට යතුරුපැදියක ද පුද්ගලයෙකු පැමිණ ඇති බවත් වාර්තාවනවා.

පසුව අදාළ ගුරුවරයා මෝටර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් පිටතට ගෙන ත්‍රිරෝද රියට නංවාගෙන පළා යාමට යි කටයුතු කර ඇත්තේ.

පැහැරගැනීම සිදුවන අවස්ථාවේත් පැහැරගෙන යන අවස්ථාවේත් දැරිය කෑගසමින් උදව් ඉල්ලා ඇති අතර ත්‍රිරෝද රිය අකුලහේන ප්‍රදේශයෙන් ගමන් කරමින් තිබිය දී මෙම සිදුවීම යතුරුපැදිකරුවෙකු විසින් දැක තිබෙන බව වාර්තා වනවා.

දැරියගේ කෑගැසීම ඇසීමෙන් මේ පිළිබඳව සැක සිතූ යතුරුපැදිකරු වහාම ත්‍රිරෝද රිය පසුපස ලුහුබැඳ ඇති අතර පසුව ඔහු විසින් ත්‍රිරෝද රිය නවත්වාගෙන අදාළ ගුරුවරයාට පහර දී දැරිය බේරාගෙන ඇති බව යි පැවසෙන්නේ.

පහර කෑමට ලක් වූ ගුරුවරයා මේවන විට ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පැහැරගැනීමට අනුබල දුන් රූපලාවන්‍ය ශිල්පිනිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය පැහැරගෙන රැගෙන ගිය ත්‍රිරෝද රථයේ රියදුරු සහ ගුරුවරයාගේ සහයට පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
8
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
10
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
21
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
32
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
12
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අනූෂා දමයන්ති CIDයට

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.ඒ ෆේස්බුක් සමාජ...

ඔන්ලයින් අධ්‍යාපන ලබාදීමෙන් ඉවත් වූ අලුත්ම පිරිස

මෙරට දැඩි කතාබහකට ලක්ව තිබෙන කොතලාවල පනත් කෙටුම්පත සඳහා මේ වන විට රටපුරා විරෝධතා...

ජාතික රෝහල කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි

කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල...

අපි ආර්ථිකය ගොඩනගමින් ඉන්න අතරේ සමහරු රට බංකොලොත් වෙලා කියා සමහරු චෝදනා කරනවා.

කාබනික පොහොර සටන ජනතාව සමඟ එකතුව ජය ගැනීමට රජය සුදානම් බව විදේශ අමාත්‍ය දිනේෂ්...

පැන ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනියි

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු  අල්ලා යලිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x