26.8 C
Colombo
Saturday, June 12, 2021

BestWeb තරගාවලිය සදහා පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

සුදේව-කිංස්ලි රජයේ මාධ්‍ය ප‍්‍රධානීන් කැදවයි..

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ සුදේව හෙට්ටිආරච්චි සහ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක යන මහත්වරුන් විසින් රජයේ මාධ්‍ය ප්‍රධානීන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා තිබිණි.

එහිදී ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ රජය බලාපොරොත්තු වන තරමේ ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ආයතන වලින් සිදුනොවන බවත් රජයේ කටයුතු ගැන උපරිම ප‍්‍රචාරයක් බලාපොරොත්තු වන බවත්ය.

එම තත්වය ඇති කර ගැනීම සදහා රජයේ මාධ්‍ය ආයතන වැඩි අවධානද දී කටයුතු කළ යුතු බව එහිදී පෙන්වා දී ඇත.

ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඇතුළු වූ රජයේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන් එම හමුව සඳහා කැඳවා තිබිණි.

ඔවුන් දෙදෙනාගේ අදහස් දැක්වීමෙන් පසු මාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනෙකුම ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානීන්ගේ අදහස් දැක්වීමට යම් ප්‍රතිරෝධයක් දක්වමින් අදහස් පළකර ඇතැයිද වාර්තා වෙයි.

රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානියෙකු එහිදී පෙන්වා දී ඇත්තේ තමන් ඇතුළු පිරිස පසුගිය වසර ගණනාවක් තිස්සේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා උපරිම කැපවීම කල බවත් ඒ නිසාම හිර ගෙවල්වල පවා ගිය බවත්ය.

විශේෂයෙන්ම එහිදී කිංස්ලි රත්නායක මහතාට පවසා ඇත්තේ ඔබ මහරාජා ආයතනයේ සේවය කරමින් සිටියදී අප මේ ආණ්ඩුව ගෙන ඒම සඳහා සිර ගෙවල්වල පවා සිටි බවය.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ මෙම ප‍්‍රතිචාර වලින් පසු කිංස්ලි රත්නායක මහතා එම ස්තානයෙන් පිටව ගොස් ඇතැයිද වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
80
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
9
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
16
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පවතින සංචරණ සීමා ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

දැනට පවතින සංචරණ සීමා දීර්ඝ කිරීමට මේ මොහොතේදී තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති,...

අඩුම තරමින් ඇඳිරි නීතිය පැනවිය යුතුයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

සංචරණ සීමාවන් පනවා තිබුනත් එය නාම මාත්‍රික තත්ත්වයට පත්ව තිබෙන බැවින් ඉදිරි සති අන්තයේදී...

අන්තර්ජාලය ඔස්සේ ‘අලෙවි කළ දැරිය ගැන’ තොරතුරු හෙළිවේ

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු...

කප්පම් ගැනීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගමන්ගත් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂයක කප්පම් ලබාගැනීමට උත්සාහ කළ ගුවන් හමුදා...

සංචරණ සීමා මැද යාල එක දිනකට විවෘත කරන්න යන හේතුව හෙළිවෙයි

මෙරට නිරෝධායන නීතිය සහ සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක වන මොහොතක යාල ජාතික වනෝද්‍යානය හෙට...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x