27 C
Colombo
Thursday, April 22, 2021

සුනඛයෙකු උසිගන්වා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකල කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරු මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිනුවන්ගොඩ පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව සැකකරු පොලීසිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ නිවසට ගොස් තිබුණා.

පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු නිවස තුළට ගොස් එහි සිටි සුනඛයා පිටතට කැඳවා පොලිස් නිලධාරීන් පෙන්වා උසි ගන්වා ඇති බවයි අධිකරණයේදී සඳහන් වුණේ. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ කකුලක් සුනඛයා විසින් සපා කා ඇති අතර තුවාල ලැබූ කොස්තාපල්වරයා ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් මරණ දෙකක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය...

මීගමුවේ අතුරුදහන් දැරිය හමුවේ

මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති  දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා...

උත්සව සමයේ දින දෙකක් තුළ රිය අනතුරු මරණ 30 ක්

අලුත් අවුරුදු සමයේ ගතවූ ගතවූ දින දෙකක කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල...

ගතවූ පැය 48 තුල රිය අනතුරු වලින් 30දෙනෙකු ජිවිතක්ෂයට

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව...

පැළ සිටුවීමේ නැකත අද: පරිසර ඇමතිට නැකතට සිටුවන්න පැළය දුන්නේ අගමැතියි

අද (16) දිනට යෙදෙන පැළ සිටු වීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක්...

සුරා සැල් රෑ 10 දක්වා විවෘත කළ යුතුයි – කංසා පිටරට යැවිය යුතුයි මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනා (VIDEO)

රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගා කොට පිටරට යවා විදේශ විනිමය ඉපයිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x