සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමි වෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් පාදයේ ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහුට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග 2ක අහිමි වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ෂකිබ් ආබාධයකට ලක්විණි.

ඔවුන් හෙට (02) දකුණු අප්‍රිකාව සමග තරග කිරීමට නියමිත අතර බංග්ලාදේශයේ අවසන් තරගය නොවැම්බර් 04 වනදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්