28 C
Colombo
Monday, September 27, 2021

සුරූපී නෑනාට රහසින් කියූ පෙම්බස් නෝනාට මාට්ටු වෙලා, තරුණයෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම මෙන්න

සිය නෑනාට දැමූ ආදර බස් තමන්ගේ නෝනා ශ්‍රවණය කිරීමෙන් නෝනාගේ නෝක්කාඩු දිරවා ගැනීමට නොහැකිවූ අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.නෝනාට වඩා ඔහු ආදරය කළේ නෑනාටය. නෑනා ඔහු හොඳටම හඳුනාගන්නේ නෝනා ගෙදරට කැන්දාගෙන ආ දවසේ සිටය. ඔහුට ටික දිනකින්ම නෝනා එපා වූයේ ඇයගේ හැකර කට නිසාය. තමාට කිසි ගරුසරුවක් නොදැක් වූ නිසාය. ඒත් නෑනා ඔහුට ඉතා ලැදි බවක් දැක්වූවාය. ඒ සමගම ඔහුත් ඇයට ඉතාම ලෙන්ගතු වූවේය.

ඇයගේ රූප සොභාවත් තමා දිහා බලන කරුණාවන්ත බැල්මත් නිසා නෑනාට ඔහුගේ සිත ගියේ ඉබේටමය.

නෑනා ඔහුට ළංවූයේ තමාට සොහොයුරකු නැති අඩුව මකා ගැනීමටය. ඔහු මේ තමාට ළංවනුයේ එය පලදරමින් බව නෑනා සිතුවාය. නමුත් නෑනාගේ ඒ සිතිවිල්ල වැරදි බව ඇයට හැඟී ගියේ ඔහුගේ හැසිරීම එන්න එන්නම නරක අතට හැරුණු නිසාය. මේ පිළිබඳව සිය මස්සිනාට ගතු කීවත් ඊට පලක් නොවීය.

මේ සම්බන්ධයෙන් ඇය සිය සොහොයුරියට කීමට මැලි වූයේ ඔවුන් දෙදෙනාගේ යුග දිවියට එයින් ලොකු පහරක් වැදේ යයි සිතූ නිසාය. ඒත් මස්සිනාගේ වැඩ නිසා එය තව දුරටත් වසන් කිරීම සිය දිවියට ලොකු කැළලක් වේ යයි සිතූ ඇය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත්තාය. ඒ සොහොයුරිය දැනුම්වත් කිරීමටය. ඒ අනුව ඇය සිය සොහොයුරිය දැනුම්වත් කළාය.

සොහොයුරිය එය පිළිගැනීමට මැලිවූවාය. සිය නැගණියට ඔහු සොහොයුරෙකු ලෙස දැඩි ලෙන්ගතුව සලකන නිසා මෙලෙස ඇයට සිතෙන්නට ඇතැයි ඇය සිතුවාය. මේ නිසා ඇය සිය සැමියාට බොරු චෝදනා එල්ල කරන්න එපා යැයි නැගණියට කීවාය.

මේ අතර වාරයේ දී නෑනා ඔහුගේ නිවසේ සිටින විට දී ඔහු ඇයගේ දුරකතනයට ඇමතුමක් දුන්නේය. මෙය සිය මස්සිනාගේ කෙරුවාව සොහොයුරියට පෙන්වන්න හොඳ අවස්ථාවක් බව සිතූ ඇය තමාට මස්සිනා කතා කරන බවත් මෙයට සම්බන්ධ වී සැමියාගේ තරම බලා ගන්නා ලෙස ද ඇය කීවාය.

නැගණියගේ කීම සත්‍යයක්දැයි සොයා බැලීමට නෝනා ඔහුගේ ඇමතුමට සම්බන්ධ වූයේ නැගණිය මෙන් කතා කරමිනි. ‘‘ආ මගේ සුදු මැණිකේ මොකෝ කරන්නේ’’ යැයි ඔහු කී විට ආ ‘‘මමත් ඔයා මතක් කර කර තමයි හිටියේ’’ ඇය කීවාය. ඒකනේ මම දන්නවානේ මගේ සුදු මැණිකේ මට ආදරේ බව. ඔයා කැමති නම් මම හෙට වුණත් ඔයා එක්ක යනවා, ඔහු පෙරළා කීවේය.

මේ සමගම නෝනාට උන්හිටි තැන් පවා අමතක වී ගියාය. ‘‘හා එක්කන් යන්න උඹ අද ගෙදර වරෙන් කෝ’’ යැයි ඇය කීවිට මේ සම්බන්ධවී ඇත්තේ නෑනා නොව නෝනා බව පසක් වූ විට ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේය. සැමියාගේ තරම එදා ඉදලා දැන්ගත් ඕ මොන ප්‍රශ්නයක් නිවසේ ඇතිවුවත් සැමියාට කට උස්සන්න නොදී නෝක්කාඩුම කියමින් ඔහු දමනය කරන්නේලු‍.

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
මෙම ලිපියේ උපුටා ගැනීම “ලංකාදීප” පුවත්පතෙන්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
16
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
5
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
4
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රට විවෘත කරන දිනය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

ඔක්තෝබර් පළමුවනදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බවව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය...

විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට පණිවුඩයක්

2020 උසස් පෙළ සඳහා නව සහ පැරණි විෂයධාරා යටතේ පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශ...

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සී.අයි.ඩී.යට

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙනවා – ඇමති වීරසේකර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන...

හිටපු තුන් ඉරියව් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාට දූ’ෂ’ණ චෝදනා

බටහිර ඉන්දීය කොදෙව් හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x