සුවවු රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර තැබූ ෆේස්බුක් සටහන

කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සුවය ලබා සිය නිවස වෙත පිටව යෑමෙන් අනතුරුව ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබේ.

තමාගේ සුවය වෙනුවෙන් ප්‍රාර්ථනා කළ සියලුදෙනාට ස්තූතිය පිරිනමා ඇති රාජ්‍ය අමාත්‍යවරයා, යම් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වු වහාම පවුලේ සාමාජිකයින්ගෙන් ඈත් වී ස්වයං නිරෝධායනයට ලක්වෙන ලෙස ද එම සටහනේ දක්වා ඇත.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

-උපුටාගැනීම-

පසුගියදා මා හට වැළඳුණු කෝවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ පසු මම නැවත නිවස වෙත පැමිණෙයෙමි. මා හට ප්‍රතිකාර කළ වෛද්‍ය අනුරාධ මැතිතුමා ඇතුළු වෛද්‍ය කණ්ඩායමටත් ජයවර්ධන මහත්මියටත් ආදිහෙට්ටි මහත්මියටත් ඉන්දිවරී මෙනවියටත් සහ හර්ශනි මෙනෙවියටත් මම විශේෂ වශයෙන් ස්තූතිවන්ත වෙමි. මා නැවතී සිටි හික්කඩුවේ හොටෙල් ලන්කා සුපර් කොරල්ස්හි කාර්ය මණ්ඩලයත් ආදරයෙන් සිහිපත් කරමි. 

එසේම මා කෝවිඩ් ආසාදිත වූ දා පටන් මා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ මහා සංඝරත්නයටත් අන්‍යාගමික පූජක උතුමන්ලාටත් කුරුණෑගල දිස්ත්‍රිකයේ ජනතාව ඇතුළු මුළු දිවයින පුරා ම සිටින මා හිතාදර ජනවතාවට ද ස්තූතිවන්ත වෙමි. 

එමෙන් ම රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන මේ කොරෝනා වෛරසය සියලුදෙනාවම නතු කරගනිමින් සිටියි. එනිසා ඔබට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, රස නොදැනීම ආදී ලක්ෂණ තිබෙනවා නම් ඔබ පළමුවෙන් ම ඔබගේ පවුලේ සාමාජිකයන්ගෙත් ඈත් වී ස්වයං නිරෝධායනය වෙමින් ඔබට ළඟ ම මහජන සෞඛ්‍ය පරීක්ෂක මත්මයාව දැනුවත් කරන්න. එලෙස වගකීම් සහගත වීමෙන් අපට මේ රෝගය යම්තාක් දුරකට හෝ මැඬලීමේ හැකියාව පවතියි. 

මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමුකරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි. ඒ නිසා මම රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ද ඉල්ලන්නෙ රෝග ලක්ෂණ මතු වු වහා ම අදාළ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලවා ඒ නිවෙස් පරීක්ෂා කර වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළියක් ආදි පහසුකම් සහිතව ස්වයං නිරෝධායනය විය හැකි නම් නිවෙස්වල ම නිරෝධායනය අත්‍යවශ්‍ය කාරණයක් කරන ලෙසයි. 

එවිට තව දුරටත් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා රජය දරන මුදල් අවම කර ගත හැකියි. එමෙන් ම ඉදිරියේ දී හැටදහසකට අධික විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට රජය බලාපොරොත්තු වෙන මොහොතක මේ සියලු දෙනාටම නිරෝධායන මධ්‍යස්ථාන ලබා දීම ද ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. එයට ද පිළියමක් වශයෙන් මා යෝජනා කරන්නේ, ඔවුන්ව ද තමන්ගේ ම නිවස තුළ ම වෙන ම කාමරයක් සහ වෙන ම වැසිකිළි පහසුකම් පවතින්නේ නම්  දින දාහතරක් ස්වයං නිරෝධායනය කිරීමයි. මෙය හැර මේ රෝගයට වෙන විකල්පයක් නොමැති බවයි රෝගය වැළඳුණු අයෙකු ලෙස මගේ හැඟීම. 

එනිසා අවසාන වශයෙන් ද මා ජනතාවට මතක් කරන්නෙ නිසි ප්‍රතිකාර ක්‍රමයක් හමුවන තුරු අපි ආරක්ෂා වෙමු. සමාජ දුරස්ථභාවය රැකගමු. මුහුණු ආවරණ පළඳිමු. පුරවැසි වගකීම ඉටු කරමු.

ඔබ සැමට තෙරුවන් සරණයි !

-උපුටාගැනීම අවසන් – 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

නියෝජ්‍ය පොලිස්පති මහ දවල් තරුණයෙකුට පහර දෙයි

සබරගමුව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන...

කිරිපිටි ගැන තවත් තීරණයකට සැරසෙයි

අද (22) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා...

අද කාලගුණය

නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින්...

සාගතයක් හා ඉන්ධන හා විදුලි කප්පාදුවක් – පාඨලි ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට...

ඩෙල්ටා ප්ලස් ගැන නවතම අනාවරණයක්

දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමේ හැකියාවක්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x