සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ යබරලූවේ කුකුළා

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු තාප්පයක වැදී හිසට හානි සිදු වීමෙන් මරුමුවට පත් වී ඇත.

මොහු බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබිණි. පෙරේදා (08) වැනිදා පෙරවරුවේ සිදු වූ මේ සිද්ධියෙන් මිය ගියේ මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි බියගම මධ්‍ය මහා විදුහලේ 09 වන වසර පන්තියේ අධ්‍යාපනය ලැබූ එච්. පී. එන්. චින්තක දිසානායක නමැති දාහතර හැවිරිදි පාසල් සිසුවෙකි.

මේ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පවත්වා මළ සිරුර පීසීආර් පරීක්ෂණයට යොමුකොට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කරන ලදී.

මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (09 වැනිදා* රාගම මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් අනුව සැරයන් සමන්ත මහතා (43916) මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
42
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනෙන් යා හැකි යතුරුපැදිය

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනේ පියාසර කල හැකි යතුරු පැදියක ස්වරූපය ගත්...

සල්ලි ඟගක් පැතුවට කවදාවත් ඔයා සල්ලි ඟගක් දැකලා නැ නේද? මේ ඇත්තම සල්ලි ඟගක්

වියානා නගරයේ ඩනුබේ ගංඟාවේ දහස් ගණනක් වටිනා යුරෝ නෝට්ටු පාවී ආවේ කෙසේ ද යන්න...

යුද හමුදාපතිවරයා රුසියාවට.. ඉහළම ගෞරවය සමඟ යුද හමුදාපතිවරයා පිළිගනී

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේ සංචාරයකට එක්වී තිබෙනවා.පසුගිය වසරේදී රුසියානු ජනරජ භූමි මෙහෙයුම්...

පාර්ලිමේන්තු සභා ගැබේ සිටි මන්ත්‍රීට කොවිඩ්! මන්ත්‍රී පොකුරක් අතලඟ

පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. ඒ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ...

නිල්මිණී තෙන්නකෝන් යලිත් විවාහ වෙන්න යයි

අපේ රටේ සිටින ප්‍රවීන රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන්. රංගන ශිල්පිනියන් විදියට අපි හැසිරෙන්න...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x