සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයා (වීඩියෝ)

සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයෙක් පිළිබඳ පාදුක්ක ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ, 47 හැවිරිදි ඉග්නේෂස් පෙරේරා.ඔහු වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙක්.කුඩාකල සිටම ගුවන් යානාවලට පෙම් බැඳි ඔහු මේවන විට සෙල්ලම් ගුවන් යානා 20කට වැඩි ගණනක් නිර්මාණය කර තිබෙනවා.විශේෂත්වය වන්නේ එම සෑම ගුවන් යානයක්ම ගුවන්ගත කළ හැකි ඒවා වීමයි.

තමන් දැඩි ආශාවකින් සහ මහත් වෙහෙසදරා මෙම නිපදවූ සෙල්ලම් ගුවන් යානා හේතුවෙන් ඉග්නේෂස් මහතාට පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමටත් සිදුවුණා.කෙසේ වෙතත්, මේ පිළිබඳව අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමසූ අවස්ථාවේදී එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා පැවසුවේ.පවතින නීති අනුව ආකෘතිමය යානයක් වුවද ගුවන්ගත කරන්නේ නම් ඊට අවසර ලබාගත යුතු බවයි.

මෙවැනි සෙල්ලම් ගුවන් යානා ඉහළ මිල ගණන් යටතේ විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන ආකාරය අප කොතෙකුත් දැක තිබෙනවා.

නමුත් අපේ රටේ දිරිය මිනිසුන්ගේ මෙවැනි නිර්මාණවලට නිසි ඇගයීමක් හෝ වෙළෙඳපොළක් නොලැබීම කනගාටුවට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සහරාන්ලා ගැන පළමුව ඔත්තුව දුන් මාවනැල්ලේ තස්ලීන් ලෙඩ ඇඳේ සිට දුක කියයි

වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමේ සිද්ධිය හා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවලට...

පාන් ගෙඩියක මිලත් අද ඉදන් අහස උසට නගී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ නංවන...

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය...

නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත්...

කොවිඩ් මරණ 23ක්

කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (12)...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x