28 C
Colombo
Sunday, September 19, 2021

සෞඛ්‍ය බලධාරීන් ගේ වැරදි දත්ත – වගකිවයුත්තේ කවුරුන් ද ?

සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි.

එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි. 

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් නොමැතිව සිටින බවට ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී ඊයේ (10) අනාවරණ විය.

එමෙන්ම නැගෙනහිර පළාතෙන් ඊයේ (10) හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව ද විශාල පරස්පරතාවක් පවතින බව අද අනාවරණ විණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අතර එහිදී දිස්ත්‍රික්කය තුළ කිසිදු අධීක්ෂණයක් නොමැතිව ආසාදිතයින් 7,000කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට එහිදී අනාවරණය විය.

ඒ අනුව දැඩි ආන්දෝලනයට තුඩුදෙන මෙම සංඛ්‍යාලේඛන පිළිබඳව “අද දෙරණ” විශ්ලේෂණාත්මකව සොයා බැලීය.

මෙරට කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානය යොමුකරන විට ගම්පහ දිස්ත්‍රික්කයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

පසුගිය අගෝස්තු 01 වනදා සිට අගෝස්තු 09 දක්වා දින 09 සැලකීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ බවට වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3629කි.

කෙසේ වෙතත්, එම දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12,555 දෙනෙකු වාර්තාවී ඇති බව ඊයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී අනාවරණය වුණි.

එනම් එම කාලසීමාව තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා ආසාදිතයින් 8,926ක් වැඩියෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව ඒ අනුව පැහැදිලිය.

මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් නම් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවට සැලකිය හැකි දෛනික ආසාදිතයින්ගේ සාමාන්‍ය 1,395ක් වැනි ඉහළ අගයක් ගැනීමය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙලෙස දින 09 කදී වාර්තා වූ ආසාදිතයින් 12,555 දෙනා සැලකීමේදී ඉන් රෝහල්ගත කර තිබෙන සංඛ්‍යාව 4046ක් ලෙස දැක් වෙයි.

එනම් අදාළ දින 9ක කාලය තුළ වසංගත රෝග විද්‍යා ඒකකය තහවුරුකළ සමස්ත ආසාදිතයින් ගණන වූ 3,629ද ඉක්මවා ආසාදිතයින් ප්‍රමාණයක් රෝහල්ගතකර තිබෙන බව පෙනීයයි.

තවත් 1,506 දෙනෙකු නිවෙස් තුළ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවද ඊයේ වාර්තා විණි.

සමස්තයක් ලෙස සැලකීමේදී ආසාදිතයින් 8,900කට වැඩි සංඛ්‍යාවක් වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තානොවී තිබීම ප්‍රශ්නාර්ථයක් මතුකරන්නකි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් පිළිබද සංඛ්‍යාවල අවුල්සහගත තත්ත්වයක් පවතින පසුබිමක නැගෙනහිර පළාතේ ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්තවල පරස්පරතාවක් මතුවන්නේ නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා අනාවරණයකළ දත්ත කිහිපයක් හේතුවෙනි. 

ඔහු පැවසුවේ පසුගිය පැය 24 තුළ නැගෙනහිර පළාතේ ආසාදිතයින් 837ක් වාර්තාවී ඇති බවය.

ඒ අනුව, ඊයේ රජය නිකුත් කළ දත්තවලට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 ක් සදහන් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 342ක් විය යුතුය. 

එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71ක් ලෙස රජයේ දත්තවල සඳහන් වුවද එය 163ක් බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේද ඊයේ ‍රජය තහවුරු කළ සටහනේ දැක්වෙන්නේ ආසාදිතයින් 78ක් වුවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දත්තවලට අනුව එය 332ක් ලෙස දැක්වෙයි.

එබැවින් දත්තවල ඇති අවුල් සහගත තත්ත්වයක් මනාව පිළිබිඹු වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
4
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

අම්පාර ප්‍රදේශයේ ගොවීන් විසින් වනජීවි ඇමති විමලවීර දිසානායක මහතාට දැඩි විරෝධයක් එල්ල කළේය. අම්පාර රජවැව...

ශ්‍රී ලංකාව ගැන හදිස්සියේ ජපානය ගත් තීරණය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6කට ජපානය පනවා තිබූ සංචාරක තහනම හෙට සිට ඉවත් කර...

ඔබේ ප්‍රදේශයත් අවදානම් ද ?

කොවිඩ් ආසාදිතයින් අතරින් කළු දිලීර රෝගය වාර්තා වූ රෝගීන් කොළඹ, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශවලින්...

දුන්නකින් විද පුද්ගලයින් දෙදෙනෙකු මැරූ ඝාතකයා අල්ලයි (VIDEO)

නෙදර්ලන්තයේ, අල්මේලෝ නගරයේ පුද්ගලයෙකු විසින් "ක්‍රෝස්බෝව් (Crossbow)" වර්ගයේ දුන්නකින් විද පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර...

මහින්දගෙන් ලොහාන්ට දැනුම් දීමක් !

වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට,...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x