සෞඛ්‍ය වර්ජනයෙන් රෝගීන් ට පීඩා – කොවිඩ් රෝහලකත් සේවකයින් වර්ජනයේ

රුපියල් 7,500ක කොවිඩ් සහාන දීමනාව නතර කිරීමට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 44ක් අද උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

වර්ජනය නිසා ප්‍රතිකාර සඳහා පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්විය.

රුපියල් 7,500ක කොවිඩ් සහාන දීමනාව ලබාදීම, කොවිඩ් විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබාදීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් කිරීම, සියලුම සේවාවන්වල පුරප්පාඩු පිරවීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කිරීම සහ මාණ්ඩලික සේවා තත්ත්වයට අදාළ චක්‍රලේඛ වහා නිකුත් කිරීම ආදී ඉල්ලීම් 8ක්  මුල්කරගනිමින් විරෝධතාවය ක්‍රියාත්මක විය.

සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පැවසුවේ වර්ජනය අද දහවල් 12 දක්වා පැය 5 ක කාලයක් ක්‍රියාත්මක කළ බවය.

වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මහනුවර ජාතික රෝහල ඇතුළු දිවයිනේ සියලු රෝහල්වල සේවා අඩපණ වී තිබුණි.

මාතෘ හා ළමා රෝහල් සහ මහරගම අපේක්ෂා රෝහල වැනි විශේෂිත රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක නොවීය.

කොවිඩ් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වර්ජනය ක්‍රියාත්මක නොකරන බව පැවසුවත් කොවිඩ් රෝගීන් සඳහාම වෙන්වූ හෝමාගම මූලික රෝහලේ අද වර්ජනය ක්‍රියාත්මක වුණි.

මේ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ එන්නත්කරණ වැඩසටහනද අද පස්වරු 1 දක්වා තාවකාලිකව නතර කිරීමට සිදුවිය.

මේ අතර සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමයද මෙම වර්ජනයට සහාය දක්වා තිබුණි.

වර්ජනය අද මධ්‍යහන 12ට අවසන් කිරීමෙන් අනතුරුව රෝහල් සහ සෞඛ්‍ය ආයතන ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්වුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද ගැන ගත් තීරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි...

බිත්තර මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වන විට බිත්තරයක මිල රුපියල්...

කොවිඩ් මරණ 23ක්

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (15) දින...

අර්ධ ශතකයක් වෙනුවෙන් විකට නළු බන්දු සමරසිංහට ලැබුණු අමිල තිළිණය – Photos

ලංකේය සිනමාව වෙනුවෙන් වසර පනහක් කළ සේවය අගයා ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහට අපූරු...

ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ"...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x