26.3 C
Colombo
Wednesday, September 29, 2021

හදිසියේ රෝගීවූ පොලිස් නිලධාරියෙක් මරුට

ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.

ඊයේ (11) රාත්‍රී කාලයේදී එම සැරයන්වරයාට හදිසියේ අසනීප වී මෙලෙස මරණය සිදුවී ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

මියගොස් ඇත්තේ ආණමඩුව වල්පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.

රාජකාරී කටයුතු අවසන් කොට නිවසට ගොස් සිටියදී එම පොලිස් සැරයන්වරයා හදිසියේම රෝගීවීම හේතුවෙන් පවුලේ අය විසින් ඔහුව කඩිනමින් රෝහල්ගත කර ඇත.

කෙසේවෙතත් ඔහු රෝහල්ගත කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව වාර්තා වේ.

මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයාගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබේ.

එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
5
31.svg?v=2.6
මාර දුකයි !
17
27.svg?v=2.6
මලපනිනව !
1
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහුට...

කොවිඩ් මරණවලට ප්‍රමුඛතම හේතුව වී ඇති බහුලම රෝග දෙක ගැන අනාවරණයක්

කොවිඩ් මරණවලට ප්‍රමුඛතම හේතුව දියවැඩියාව හා අධික රුධිර පීඩනය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් වෛරසය...

කොරෝනා මරණ තවත් බහී

තවත් කොරෝනා මරණ 55ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ...

වාහන ගෙන්වීමට අවසර දෙන්න යයි – කොන්දේසි මෙන්න

බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය...

ප්‍රථම වරට යූටිව්බ් ආයතනයට එරෙහිව ලංකාවේන් නඩුවක්

අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x