හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික රෝහලට

පසුගිය දින දෙකක කාලය තුළ දී හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 309 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා ප්‍රකාශ කළේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 39 ක ඉහළ යාමක් බවයි.

පසුගිය වසරේ එම දින දෙකෙහි වාර්තාවී ඇත්තේ හදිසි අනතුරු 188 ක් පමණයි.

මේ අතර මෙවර වාර්තාවූ හදිසි අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් මහමග සිදුවූ රිය අනතුරු වන අතර, එම සංඛ්‍යාව 77 ක්.

එමෙන්ම වැටීම් අනතුරු 73 ක් සහ හිංසන ක්‍රියා මෙන්ම පහරකෑම් 38 ක් ද වාර්තාවී තිබෙනවා.

කෙසේ වෙතත් ගිණිකෙළි අනතුරු වාර්තාවී ඇත්තේ හතරක් පමණක් බවයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් තෙවැනි රැල්ලේ මරණ ගණන ඉහළ ට

කොවිඩ් තුන්වන රැල්ලේ සමස්ත මරණ ගණන දින 25ක් තුළ 200 සීමාවට ළඟා වී තිබෙන...

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න, තනතුරට සමු දීමට තීරණය කරයි

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී ලෙස පුරා වසර දෙකක කාලයක් තුළ කළ සේවය මැයි 24 වන...

ආදායම් බලපත්‍ර දීම නතර කිරීමට තවත් පළාතක් තීරණය කරයි

සිය පළාත තුළ ලියාපදිංචි වී ඇති සියළුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව...

17න් පස්සෙ ඇත්තටම සිද්ධ වෙන දේ මෙන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියල්ලට පිළිතුරු දෙයි

තම පවුලේ සාමාජිකයන් සමඟ පෞද්ගලික වාහනයක ගමන් කරන්නේ නම් මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය නොවන...

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වූ ගමන් බිමන්

පළාතෙන් පළාතට ඥාතීන් බැලීම සඳහා බැලීම සඳහා,ආගමික කටයුතු සඳහා ,විනෝද චාරිකා සඳහා සිදුකෙරෙන චාරිකා,සති...

කොවිඩ් එන්නත දෙන්නත් ‘දේශපාලන හිතවතුන්ට’ වෙනම දොරක් ඇරපු තැනක්

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලබාදීම අද (11) ස්ථාන රැසක සිදු කරනවා.ඒ කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x