29 C
Colombo
Thursday, April 22, 2021

හමුදාවේ 28කට එරෙහි සාක්‍ෂි එකතු කරන්න බැෂලේගේ මල්ලට ලක්‍ෂ 5600ක්

ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීම නිසා හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහි සාක්‍ෂි එකතු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට ඩොලර් මිලියන 2.8ක මුදලක් මානව හිමිකම් කවුන්සිලය විසින් වෙන්කර ඇත. මෙය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5600 කි.

මේ සාක්‍ෂි එකතු කිරීමේ පූර්ණ බලය ඇයට ජිනීවා යෝජනාවෙන් ලැබී තිබේ.

ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයකදී ඉදිරිපත් කිරීම සඳහා එම සාක්‍ෂි සංරක්‍ෂණය කිරීමද ඇයට පැවරෙයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසූවේ වන්නි මෙහෙයුම යටතේ යුද මෙහෙයුම්වලට අදාළ චන්ද්‍රිකා ඡුායාරූප ලබාදෙන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය ඇමෙරිකානු ඇඞ්වාන්ස් ඔෆ් සයන්ස් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

මේ හැර යුද අපරාධ සාක්‍ෂි නිරීක්‍ෂණයට නීතිවේදී කණ්ඩායමක්ද මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලයේ ස්ථාපිත කෙරේ.

යුරෝපා රටවලදි ශ‍්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබුවොත් ඔහුට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ මෙම නීතිවේදී කණ්ඩායමයි.

කීර්ති වර්ණකුලසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද...

පාකිස්ථානයේ සමාජ මාධ්‍ය සියල්ල වසා දැමු හේතුව මෙන්න

WhatsApp, Facebook, Twitter සහ TikTok යන දුරකථන යෙදවුම් භාවිතය තාවකාලිකව අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර...

හිටපු අගමැති මන්මෝහන් කොවිඩ් ආසාදිතව රෝහලේ

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඔහු දිල්ලියේ රෝහලක්...

ලොව දිගම කොණ්ඩය කැපි ගිය හැටි මෙන්න

ලොව දීර්ඝතම වරලසෙහි හිමිකාරීත්වය දරණ තරුණියක වන නිලන්ෂි චටේල් සිය කොණ්ඩය කපා දැමීමට තීරණය...

රියදුරෙකු නොමැතිව ධාවනය වූ අධි තාක්ෂණික ටෙස්ලා මෝටර් රථයක් පුද්ගලයින් දෙදෙනෙකු මරා දමයි (VIDEO)

ටෙක්සාස්හි ටෙස්ලා මෝටර් රථයක නැගී යමින් සිටියදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට...

ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරූ සුදු ජාතික පොලිස් නිලධාරීයා වැරදිකරු බවට තීන්දු කරයි

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x