හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය හෙළිවෙයි

මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බවට සැක කෙරෙන හරක් කටා නමැත්තාගේ මත්ද්‍රව්‍ය තොග ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ බහුදින ධීවර යාත්‍රාවලින් බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගියදා දකුණු වෙරළ තීරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග සම්බන්ධයෙන් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලින් අනතුරුව ඒ සම්බන්ධ තහවුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව පසුගිය දිනවල මෙරටට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොග රැගෙන එන ලද බහුදින ධීවර යාත්‍රාවක් පදවාගෙන ගිය පුද්ගලයා ඊයේ (03) මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 52කට අධික මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පසුගිය දිනවල මෙරටින් සොයාගත් මත්ද්‍රව්‍ය තොග ජාත්‍යන්තර මුහුදේ දී ලබාගෙන මෙම පුද්ගලයා පදවන ලද බහුදින ධීවර යාත්‍රාවෙන් ශ්‍රී ලංකාව ආසන්න ප්‍රදේශයකට රැගෙනවිත් කුඩා බෝට්ටුවලට ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වෙයි

මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු...

රුපියල් 2කට ඇසිඩ් ගහලා – මුහුණ පිළිස්සී බරපතළයි

මහා මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇති සිදුවීමක් පිළිබඳ පුවතක්...

අනූෂා දමයන්ති CIDයට

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.ඒ ෆේස්බුක් සමාජ...

එන්නත් 02කම ගත් පුද්ගලයෙකු හදිසියේම සිදු වු දේ

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සිටි සිව්දරු පියෙකු කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව්...

සති අන්තය ලොක්ඩවුන්ද? තීරණය යුද හමුදාපති කියයි

සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ සූදානමක් පවතිනවාද යන්න මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.ඒ පිලිබඳ අදහස්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x