28 C
Colombo
Thursday, June 17, 2021
logo

හාල් කතාවේදී තමන්ට වැරදුන බව බන්දුල පිළිගනී

තමන්ගේ සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වැරදීමේ හැකියාව පවතින බවත්, පුද්ගලයෙකුට කියන එක පවුලකට යැයි කියවෙන්න ඇතැයි වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

එක පවුලකට සහල් කිලෝ තුනක් සති දෙකකට ප්‍රමාණවත් බවට තමන් පසුගියදා මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශය පිළිබව කරුණු දක්වමින් ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

වෙළෙද අමාත්‍යාංශයේදී අද (07 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසුවේය. සතොස/ලක් සතොස ආයතනයේ සභාපති ආනන්ද පීරිස්, සතොස ප්‍රධාන විධායක නිළධාරී අනුර පණ්ඩිතරත්න යන නිළධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

පුද්ගලික අංශය විසින් සපයන සහන මල්ල සතොස සපයන රුපියල් දහසේ සහන මල්ලට වඩා අඩු ප්‍රමිතියකින් යුතු බවද ​ඇමැතිවරයා කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

“අද විපක්ෂය මම කියපු වචනයක් අල්ලාගෙන සිටිනවා.එය කිසිම කෙනෙකුට හානියක් වන දෙයක් නොවෙයි.ලූණු කිලෝවක් පවුලකට සති දෙකකට ඇති. පරිප්පු කිලෝවක් සති දෙකකට ඇති.මම කියන දේ නොවෙයි වැදගත් වන්නේ කරනදේයි වැදගත් වන්නේ.මම ප්‍රකාශ කරද්දී සමහර ප්‍රකාශන වලදී යම් යම් කරුණු වරදින්න පුළුවන්.පුද්ගලයෙකුට කියන එක, පවුලකට කියලා කියවෙන්න පුළුවන්.ඒවා සිද්ධි විතරයි.කියන්නා කෙසේ කීවත් සිහිබුද්ධියෙන් අසන්න පුළුවන් ජනතාවක් මෙම වැඩපිළිවෙල වැළදගෙන සිටින නිසා සතොස වෙළෙදසැල් වල සාමාන්‍ය දෛනික අලෙවිය රුපියල් කෝටි දෙකකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.”

කෙසේ වෙතත් පසුගිය 05 වනදා සහල් කිලෝග්‍රෑම් තුනක් එක පවුලක් සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සඳහන් කලේය.

එතැන් සිට මේ දක්වා වූ සිදුවීම පහත බලන්න…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
6
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
2
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කාලගුණ අනාවැකි

සබරගමුව පළාතේ සහ නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී....

කොවිඩ් මරණ 63ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව...

ශානි සහ සුගත් මුදාහරින්නැයි නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන...

ළමුන් බිලිගන්නා අලුත් කොවිඩ් ප්‍රභේදයක්

ඉන්දීය ප්‍රභේදය විකෘති වෙයිඉන්දියාව තුළ භයානක ප්‍රතිඵල අත් කරදෙමින් පැතිර ගිය, මේවන විට රටවල්...

තවත් කොරෝනා මරණ 55 ක්

කොවිඩ් 19 ආසාධනය වීම හේතුවෙන් ඊයේ දිනය තුළ පමනක් මරණ 55ක් සිදුවී ඇති බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x