හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හදිසියේ රෝහල් ගත කරයි

හෘදයාබාධයක් හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඉන්සමාම් උල් හක් රෝහල් ගත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු සැත්කමකට භාජනය කර ඇති බවයි.

ලාහෝර් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන ඉන්සමාම්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මීට දින කිහිපයකට පෙර ඔහු පපු ප්‍රදේශයේ කැක්කුමක් ඇති බව පවසා තිබේ.

පසුව සිදුකළ මූලික පරීක්ෂණ වලදි හෘදයාබාධයක් බව තහවුරු වී නොතිබූ අතර, ඊයේ දින සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ ඔහුගේ හෘදයේ ගැටළුවක් ඇති බවයි.

51වැනි වියෙහි ඉන්සමාම් පාකිස්ථානය වෙනුවෙන් කණ්ඩායමේ නායකත්වය මෙන්ම ප්‍රධාන තේරීම් නිලධාරියා වශයෙන් ද කටයුතු කර තිබුණි.

ඊට අමතරව ඔහු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රටක් දින වූ පුතෙක් ගැන පියෙකුගේ සතුට (VIDEO)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු...

අද සවස ට මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ...

මුල්ලේරියාවේ වෙඩික්කරු ගැන ඔත්තුවට ලක්ෂ 25ක්

මුල්ලේරියාව මීගහවත්ත ප්‍රදේශයේ දී ඊයේ (26) වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...

“ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙවෙයි.. ගණිකා වෘත්තියේ යෙදෙන තැනැත්තියකට නඩු දාන්නත් බෑ..”

ගණිකාව ගැන මේ සමාජය ඇතුලේ විවිධ කතා ඇතිවෙලා තියෙනවා.ඉතිං අපි හිතුවා ගණිකාව සහ නීතිය...

ආණ්ඩුවේ ලොකු තනතුරු 6කට අලුත් මුහුණු

අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුට සහ තානාපතිවරුන් දෙදෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x