29 C
Colombo
Monday, June 21, 2021
logo

හිටපු ජනපති මෛත්‍රී කී රහසක් වෛද්‍ය පාදෙණිය හෙළි කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක් ගැන ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කෘෂි රසායන සමාගම් වලින් යැපෙන බවත් එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද සනාථ කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිට පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්ව පැමිණ පසු පැවැති සාකච්ඡාවකදී “ඩොක්ටර් ඔයාලනම් ප්‍රයිවට් පැක්ට්‍රිස් කරන යන්නේ සවස හතරනේ පස්සේ මම හිටපු අමාත්‍යාංශයේ උදේ ඉඳලම ප්‍රයිවට් පැක්ට්‍රිස්” යැයි ප්‍රකාශ කළ බවයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙන්නේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තමාද සහභාගී වූ සාකච්ඡාවේදී තමන්ට වැටහුණ දෙයක් තිබූ බවත් ඒ එම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දන්නෙත් නෑ දන්න කෙනෙක්ගෙන් අහන්න පවා සූදානම් නැති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

ගොවිජන සේවා කාර්යාලවල පෝස්ටර් අලවා තිබුණේ කෘෂි රසායන සමාගම්වලින් බවත් පසුව ඒවා ගලවා දැමූ බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
8
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
1
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
6
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොරෝනා ඩෙල්ටා සමාජයේ.. හෙට රට අරින්න එපා.. තව දුරටත් වසා දමන්න

දැනට රට තුළ ක්‍රියාත්මක වන සංචරණ සීමා 21 වෙනදා ඉවත් නොකරන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය...

පාසල් විවෘත කිරීම ගැන ඉඟියක්

පාසල් අරින්නැයි ඉල්ලනවාලුපාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ...

සොරකමක් සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව...

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන ජ්‍යෙෂ්ඨ...

මිලගට මිල වැඩිවන දේ ගැන ඉඟියක්

කිරිපිටි ආනයනික සමාගම් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඒ, ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x