30 C
Colombo
Wednesday, September 22, 2021

හිතාමතාම සමාජෙට කොරෝනා බෝ කරන්න ගිය 4ක් මාට්ටු

ගාල්ල සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත් ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටි කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙක් අද (09) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි පුද්ගලයෙකු, එකම පවුලේ සහෝදරීයන් දෙදෙනෙකු ඇතුළු කෝන්ගහ පදිංචි කාන්තාවන් තිදෙනකි.

මොවුන් හතර දෙනා සංඝමිත්ත විදුහලේ එන්නත් කිරිමේ මධ්‍යස්ථානයට පැමිණ එන්නත ලබා නොගෙන කාඩ්පත් පමණක් ලකුණු කරගෙන පිටව යමින් සිටියදි එහි සිටි නිලධාරින් විසින් එය දැක පොලිස් නිලධාරින්ට දන්වා ඇත.

පසුව එම සිව්දෙනා පොලිස් බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත ගෙනැවිත් කරන ලද විමර්ශණයේදි අනාවරණයවි ඇත්තේ සොහොයුරියන් දෙදෙනා පසුගිය මාසයේ 11වනදින පැමිණ පළමු එන්නතද ලබාගත් බවට කාඩ්පත් ලකුණු කරගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ පියාද එන්නත් විදගත් බවට කාඩ්පත ලකුණු කරවාගෙන ගොස් ඇති බවය.

පිරිමි පුද්ගලයා පවසා ඇත්තේ තමාට එන්නත් විද ගැනිමෙන් පසු අසාත්මිකතා ඇතිවන නිසා විද නොගත් අතර ඉදිරියේදි විදගත් බව පෙන්විමට අවශ්‍ය වන නිසා කාඩ්පත් ලකුණු කරවාගෙන යාමට සුදානම්වු බවය.

ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 267වන වගන්තිය යටතේ අන්තරාදායක රෝගයක් පැතිරවිමට හැකි අයුරින් නොසැළකිලිමත් ලෙස ක්‍රියා කිරිම යන චෝදනාව යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල
සේනාපතිද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
3
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
0
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
18
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

තවත් වෛද්‍යවරයෙකු කොවිඩ් මාරයා රැගෙන යයි

කුරුණෑගල පළාත් මහ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ වෛද්‍ය සුදත් බණ්ඩාර මහතා කොවිඩ්...

අවුරුදු 15කට පසු චන්ද්‍රිකා මහින්ද ගැන රහසක් හෙළි කරයි

හිටපු ජනාධීපතිනිය වන චන්ද්‍රකා බණ්ඩාරනායක් කුමාරතුංග මහත්මිය විසින් වසර 15කට පසු අතිශය රහසිගත ලිපියක්...

ගෝඨාගේ ආරාධනාව ගැන පුදුමයි! දෙමළ ඩයස්පෝරාව නිවේදනය කරයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙමළ ඩයස්පෝරාව සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය වීම නිසැකවම ප්‍රගතිශීලී පියවරක්...

සුරාසැල් වැසීමෙන් රජයට සිදුවු පාඩුව දරාගැනීමට නොහැකිවෙයි

සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර...

අද එන්නත් ලබාදෙන ස්ථාන

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x