හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් වත්තලදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 150ක් සමඟ වත්තල – ඔලියමුල්ල ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල පොලීසිය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඇය සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කෙරෙන රුපියල් නවලක්ෂ පනස් දහසක මුදලක්ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

38 හැවිරිදි අදාළ කාන්තාව වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ඇතුලු හයදෙනෙකු හෙරොයින් ග්‍රෑම් විස්සක් සහ අත්බෝම්බයක් සමඟ කෙසෙල්වත්ත පොලීසිය ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කංජිපානි ඉම්රාන්ගේ ගෝලයා මොහොමඩ් අජීබ් ලෙස හඳුන්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

“ගණිකා වෘත්තියේ යෙදීම වරදක් නෙවෙයි.. ගණිකා වෘත්තියේ යෙදෙන තැනැත්තියකට නඩු දාන්නත් බෑ..”

ගණිකාව ගැන මේ සමාජය ඇතුලේ විවිධ කතා ඇතිවෙලා තියෙනවා.ඉතිං අපි හිතුවා ගණිකාව සහ නීතිය...

‘බුද්ධි අංශයෙන්’ මනූෂගේ රැස්වීම වීඩියෝ කරලලු

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අද ගාල්ලේ පවත්වනු ලැබූ විරෝධතාවක් වීඩියෝ...

ෆේස්බුක් පෙමක පැටලුනු තරුණියක් අභිරහස් ලෙස මියයයි

බලන්ගොඩ, මස්සැන්න, හෙලකන්ද ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තිබී සැකසහිත ලෙස මියගිය තරුණියකගේ සිරුරක් ඊයේ...

සුදුලූණු වංචාවට ලොක්කෙක්ගේ පුතෙක් අත්අඩංගුවට

ඊයේ (22) දිනයේ දී සතොස සුදුලූණූ වංචාවට අදාළ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x