හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක්

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගින්නක් ඇතිවී තිබේ.

එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිලි සංකීර්ණයේ සිටි පුද්ගලයින් 1,200ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා විය.

ඒ අනුව ඉන් තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

මේ වන විට එතුළ තවත් පුද්ගලයින් සිය ගණනක් සිරිවී සිටින බව සඳහන් වෙයි.

සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලි ස්විච සහිත කාමරයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් එම ඇතිවන්නට ඇති බව සඳහන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්