හෝමාගම රෝහලේ කොවිඩ් වාට්ටු සියල්ල පිරීයයි

හෝමාගම මූලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් සඳහාම වෙන්කර ඇති දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යන කොවිඩ් රෝගී ප්‍රතිකාර වාට්ටු සියල්ල මේ වනවිට රෝගීන්ගෙන් පිරීගොස් තිබෙන බව වාර්තා වී තිබේ.

මේ අනුව රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද (25) දිනයේ සිට වෙන්කර ඇති බව හෝමාගම මූලික රෝහලේ රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා,

“අපි තීරණය කළා හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද දිනයේ සිට වෙන් කරන්න. මෙවර අපි දකින විශේෂ දේ තමයි, මෙවර දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වන්නේ ගියවර වගේ නෙමෙයි, තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූලතා රහිත රෝගීන්. මේක විශේෂත්වයක්. කළයුතු එකම දේ තමයි ජනතාව තේරුම් අරගෙන විශාල වශයෙන් සංචරණය සීමා කිරීම.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
2
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක“පොලිස් අත්අඩංගුවේ සිටිය...

එක දවසට දෙවරක්ම රෝහලෙන් පැන ගිය කොවිඩ් රෝගියා

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු දෙවැනි වරටත් ඊයේ (14දා) සවස රෝහලෙන්...

මහ රෑ නිවෙස්වලට පැමිණ නවාතැන් ඉල්ලූ අභිරහස් කාන්තාව අවතාරයක් ද?

අභිරහස් ලෙස මරණයට පත්වූ නාඳුනන කාන්තා මළ සිරුරක් සොරණාතොට ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.ඊයේ (11)...

ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන ගැබිණි මරණය කුරුණෑගලින්

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා.කුරුණෑගල...

ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානම් තත්ත්වයක බව අනතුරු ඇඟවීමක්

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි දෙසතිය තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක්...

හෙට සිට සංචරණ සීමා වෙනස් වන හැටි මෙන්න

කොරෝනා ව්‍යාප්තිය හමුවේ පනවා ඇති සංචරණ සීමා අදත් ක්‍රියාත්මකයි.හෙට අලුයම හතරට සංචරණ සීමා තහනම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x