තවත් සරසවියක කොවිඩ් ආසාදිතයින්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

විභාග කටයුතු සඳහා කැඳවූ සිසුන් 300 දෙනෙකු අතරින් 8 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණවලින් අනාවරණය වූ බව එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පී.එම්.ඒ. සමරක්කොඩි මහතා පැවසීය.

ඒ අනුව සිසුන් 40 දෙනෙකු නේවාසිකාගාර තුළ නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර විභාග කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවරගත් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් 05 දෙනෙකුට කොවිඩ්  -19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා හඳුනාගෙන තිබුණි.

ක්ෂේත්‍ර අධ්‍යයන කටයුත්තක් සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි කණ්ඩායමක සිසුන් 20 දෙනෙකු අහඹු PCR පරීක්ෂණවලට ලක්කිරීමේ දී ඉන් 05 දෙනෙකු ආසාදිතයින් බවට එහිදී තහවුරු විය.

මේ අතර පැල්මඩුල්ල ප්‍රදේශයේ නිවසක පැවති උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින් පිරිසක් අතරින් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් 100කට අධික පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට පියවරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...

ජනප්‍රිය නිළි මහේෂි මදුශංකා පුංචි දියණියගේ උපන් දිනය සැමරූ හැටි (Photos)

රසික හදවත් ආදරයෙන් වැළදගත් ජනප්‍රිය නිළි මගේෂි මදුශංකා සිය දියණියගේ උපන් දිනය සමරා තිබුණා..ආදරණීය...

18 වැනි උපන් දිනය සමරන පුතුට මේධා ජයරත්නගේ කලින් සැමියා තැබූ සංවේදී සටහන (PHOTOS)

නිලි මේධා ජයරත්න හා ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුරංග ලක්මාල් ටික කලකට ඉහතදී...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

ධීවර සහ නාවික ප්‍රජාව වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව...

වීඩියෝ ක්‍රීඩා සතියකට පැය තුනකට වඩා කිරීම තහනම්!

වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන්ට සතියකට පැය තුනකට වඩා වැඩි කාලයක් අන්තරජාල වීඩියෝ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x