26.2 C
Colombo
Monday, June 14, 2021
logo

15 හැවිරිදි දැරියට ගුරුවරයා කල නුහුලන අපරාධය

අසැබි වීඩියෝ දර්ශන පෙන්වා 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියකට අතවර සිදු කරන ලද බව කියන පාසල් ගුරුවරයකු ලබන 11 දක්වා රිමාන්ඞ් බන්ධානාගර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය නියෝග කළා.

මෙසේ රිමාන්ඞ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ 50 හැවිරිදි ගුරුවරයෙක්.

සැකකාර ගුරුවරයා ප්‍රදේශයේ උපකාරක පංතියක්ද පවත්වා ගෙන යනු ලබන අතර දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ පළමුවරට එම උපකාරක පංතියට ගිය විට කිසිවකු නොමැති අවස්ථාවේ ඇය ළඟට පැමිණ ජංගම දුරකතනයෙන් අසැබි දර්ශන පෙන්වා ඒවා බලන ලෙස පවසා තිබෙනවා. පසුව තවත් දවසක සැකකරු විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පවසා නැවතත් අසැබි දර්ශන පෙන්වා ඇය හැඳ සිටි හැට්ටයේ බොත්තම් ගැළවීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය එයට විරෝධය පළකර තිබෙනවා. පසුව සැකකරු සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස තර්ජනය කර ඇති බවත් සඳහන්.

මේ අතර තවත් දිනක ඇයගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර කුඩා පිහියක් පෙන්වා සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසට තර්ජනය කිරීම හේතුවෙන් ඇතිවූ බිය නිසා ඇය කිසිවකුටත් පවසා නැහැ. මෙම බියවැද්දීම් දිගින් දිගටම ඉවසාගත නොහැකිවූ තැන ඇය මවට මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිළි කර තිබෙනවා. ඒ අනුව අක්මීමන පොලිසියේ ස්ථානාධිපති පො.ප. මධුරංග මහතා ඇතුලූ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
8
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සංචරණ සීමා ගැන තීන්දුව අවිනිශ්චිතයි – කරන දේ ගැන හමුදාපති කියයි

විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත්...

සමාජ ජාල වීඩියෝවේ ‘බියර් බිව් දරුවා ගැන’ හෙළි වූ තොරතුරු

පසුගිය දා කුඩා දරුවෙකු බියර් පානය කරන වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වූ අතර ඒ සම්බන්ධයෙන්...

14දා රට අරිනවද නැද්ද තීරණය ගන්න දිනය ඇමති කියයි

එළඹෙන 14 වැනි සදුදා රට විවෘත කරනවා ද නැද්ද යන තීරණය එළඹෙන 12 වැනි...

මව පියා දෙදෙනාම කොවිඩ් නිසා මරුට

වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ...

කොවිඩ් මරණ 62ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඉන් මරණ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x