15 හැවිරිදි දැරිය මිලට ගත් දේශපාලඥයෙකු සහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පොලිස් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරිය ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙම සැකකරුවන් තිදෙනා අතර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සහ එම සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු ද සිටින බවයි  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

සැකකරුවන් තිදෙනා සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21ක් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස අතර දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා ද සහ චිවරධාරියෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී අත්අඩංගු වට ගනු ලැබූ සැකකරුවන් තිදෙනා අද දිනයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ප්‍රධාන සැකකරු විසින් මෙම දැරිය මාස 03 ක කාලයක් රුපියල් 10,000-30,000 අතර මුදලට අලෙවි කොට ඇති බවයි පොලිස් විමර්ෂණ වලදී කරුණු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
5
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
19
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
10
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
11
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක් – සෞඛ්‍ය අංශ හදිසියේම කළ දැනුම් දීම මෙන්න

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 487ක් වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව...

119ට ඇමතුමක් දී පොලිසිය ගෙන්වා පොලිස් නිලධාරීන්ට පහර දුන් පුද්ගලයා

නීති විරෝධි ආයුධයක් සන්තකයේ තබාගෙන සිටිනවා යැයි 119ට පැමිණිල්ලක් කර පොලිසිය ගෙන්වා එම ජීප්...

ලංකාව ආක්‍රමණය කරන ඩෙල්ටා ප්‍රභේදය ගැන භයානක හෙළිදරව්වක්

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව...

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

රිෂාඩ්ගේ ගෙදර සිටි ‘තවත් සේවිකාවන් දෙදෙනෙක්’ හදිසියේ මැරිලා

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක් පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේවනවිට ප්‍රකාශ 36ක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x