15 හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියාට අත් වු ඉරණම

තම පහළොස් හැවිරිදි දියණිය ගැබිනියක් කළ පියෙකු ජූනි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (ජූනි 11) නියෝග කළේ ය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, බූස්ස පදිංචි 44 හැවිරිදි පස් දරු පියෙකි.

සැකකරුගේ 18 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා ඉකුත් පෙබරවාරි මාසයේ මියගොස් ඇති අතර බිරිඳ සැකකරුගෙන් වෙන්ව වෙනත් අයෙකු සමග ඇයගේ මවගේ නිවසේ දරුවන් ද සමග ජීවත් වී ඇත.

එසේ සිටියදී, වින්දිත දැරිය අසල නිවසක පදිංචි පියාට තේ ගෙන ගොස් ඇති අතර එසේ ගිය අවස්ථා කිහිපයකදී දියණිය දූෂණය කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වින්දිත දැරියගේ සිරුරේ වෙනස්වීම් දුටු මව ඒ පිළිබඳ ඇයගෙන් විමසා ඇති අතර එහිදී දැරිය මෙම සිද්ධිය පිළිබඳව මවට පවසා ඇත. පසුව මව ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය මහමෝදර රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී අනාවරණයවී ඇත්තේ දැරිය සිව් මස් ගැබිණියක් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
6
31.svg?v=2.6
මාර දුකයි !
15
27.svg?v=2.6
මලපනිනව !
9
30.svg?v=2.6
කුජීතයි !
11
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

අවදානමක් ගැන රාජ්‍ය ඇමති චන්න කියු කතාව

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට...

මිණිබිරිය නිසා තනතුරෙන් නොයා ඉන්න විදුහල්පතිනිය

විශ්‍රාම යාමෙන් පසුවත් තනතුරේ රැඳී සිටීමට කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක විදුහල්පතිනියක් මේ දිනවල...

තායිවානයේ ගින්නකින් පුද්ගලයින් 46 ජිවිතක්ෂයට

තායිවානයේ තට්ටු 13 ක ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක්...

අපි දැන් බලමු ගෙදරදිම ගෑස් නිපදවාගන්නේ කොහොමද කියලා – අහස උසට නැග්ග ගෑස් මිල නිසා බුකිය ඇවිලුනු හැටි

ගෑස් මිල වැඩිවීම ගැන හැමෝම වගේ මේ වෙද්දි කතා වෙනවා..අහිංසක මිනිස්සුන්ව කබලෙන් ලිපට දැම්මා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x