2000 දීමනාවේ නාම ලේඛනය සකස් කර අවසන්! ලැබෙන්නේ මේ අයටයි

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජීවනෝපාය අහිමි වූ සියලු ජනතාවට ලබාදෙන මෙම දීමනාව අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

එම දීමනාව ලබාදීම සඳහා රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඊට අදාළ නාමලේඛන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර තිබෙනවා.

මීට අදාළ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමෙන් පසු කඩිනමින් අදාල පුද්ගලයින්ට ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් අදාළ පිරිස් වෙත මෙම දීමනාව ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
11.svg?v=2.6
අවුල් වගේ !
8
22.svg?v=2.6
හරි හිනා !
9
3.svg?v=2.6
හම්මෝ !
3
31.svg?v=2.6
මාර දුකයි !
11
27.svg?v=2.6
මලපනිනව !
6
30.svg?v=2.6
කුජීතයි !
16
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අද

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය...

ගුරු – විදුහල්පති උද්ඝෝෂණය නවතී

ඊයේ (25) දිනයේ මෙරට සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික අංශයන්...

කොල්ලුරේගේ කාර්යාලය ගුරුවරුන් වටලයි

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ...

මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්.

“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” කියූ පුංචි සමනලිය සහෘද සිත් සතන් තුළ...

තව ලොක්කෙක් ඉල්ලා අස්වේ

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x