26.9 C
Colombo
Tuesday, September 28, 2021

2009 වසරට පෙර ගත් රියදුරු බලපත්‍ර වලට සිදුව ඇති දේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් 2009 වසරට පෙර මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක තොරතුරු එහි පරිගණක පද්ධතියට එක්කර නැති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

1970 සිට 2000 වසර දක්වා වූ කාලයේ නිකුත් කර ඇති ලක්ෂ ගණනක රියැදුරු බලපත්වල තොරතුරු මෙම පරිගණක පද්ධතියේ නැති බව ද 2009 වසරෙන් පසු නිකුත් කර ඇති සියලුම රියැදුරු බලපත්වල තොරතුරු මෙම පද්ධතියට එක්ව ඇති බව ද එම ආරංචිමාර්ග පවසයි.

2009ට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ අවශ්‍යතාවක් නොපැවතීමත් ඒවායෙහි තොරතුරු ලිපි ලේඛනවල සටහන් කර තිබීමත් බොහෝ ලිපිලේඛන විනාශ වී සහ අස්ථානගත වීමත් මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාල ලේඛනාගාරයේ තොරතුරු සටහන් ලෙජර් පොත් පන්සියයකට වැඩි ගණනක් තිබෙන බවත් ඒ අතරින් සිය ගණනක්ම මීයන් සහ වේයන් කෑමෙන් විනාශ වී සහ අස්ථානගත වී ඇති බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් පැරණි රියැදුරු බලපත්‍රයක් අස්ථානගත වූ අයෙකුට දඩ කොළයක් හෝ බලපත්‍රය තමන්ගේ යැයි සනාථ කළ හැකි අනන්‍ය සහතිකයක් ගෙන ඒමට හෝ තොරතුරු නැති නම් මුල සිටම නව රියැදුරු බලපතක් ලබාගැනීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (රියැදුරු බලපත්) චතුර ලියනගුණවර්ධනගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ලෙජර් පොත්වල සටහන් කර ඇති රියැදුරු බලපත්‍ර තොරතුරු නව පරිගණක පද්ධතියට එක්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.

2009 සිට 2020 වසර අවසානය දක්වා පැරණි රියැදුරු බලපත්‍ර දාහතර ලක්ෂ හැත්තෑ පන්දහසක් අලුත් කර ඇතැයිද සහකාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

2009 වසරෙන් පසු නිකුත් කර ඇති සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර වසර අටකින් සහ බරවාහන රිය බලපත් වසර හතරකින් අලුත් කිරීම අනිවාර්ය වන නමුත් එම වසරට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීම අනිවාර්ය නොවන බව ද හෙතෙම කීවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
61
11.svg?v=2.6
අවුල් වගේ !
12
22.svg?v=2.6
හරි හිනා !
34
3.svg?v=2.6
හම්මෝ !
8
31.svg?v=2.6
මාර දුකයි !
18
27.svg?v=2.6
මලපනිනව !
43
30.svg?v=2.6
කුජීතයි !
32
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

උකුස්සෙක් වැදුණු ගුවන් යානා එන්ජිමෙන් ගිනි පුපුරු විසිවෙයි (VIDEO)

කියුබාවේ සිට රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ගුවන් යානයක මගියෙකු විසින් බිහිසුණු අත්දැකීමක්...

අද කොරෝනා එන්නත් ලබා දෙන ස්ථාන

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද...

ජනතාවට පොලීසියෙන් විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය විසින් ඉදිරිපත් කළ බව සඳහන් ලිපියක් විවිධ සමාජ මාධ්‍යජාල ඔස්සේ...

මහේස්ත්‍රාත් නිල නිවස ඉදිරිපිට අශෝබන ලෙස හැසිරුණ කොස්තාපල්ට ලැබුණු දඩුවම

බලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් නිල නිවස ඉදිරිපිට රාජකාරී...

වෙලේ සුදා හිරෙන් එළියට?

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවාසිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත්...
4
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x