32 C
Colombo
Tuesday, April 20, 2021

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ගරාජය තුළ අලුත්වැඩියාව සඳහා නතර කර තිබූ ලොරියක් මතට නැග ඒ අසල තිබූ කොස් ගසකින් ගෙඩියක් කඩන විට කෙක්ක දිගේ ගෙඩිය පැමිණ හිස මතට වැටී මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි මරණ පරීක්ෂකවරයා පැවසීය.

මිනුවන්ගොඩ රෝහලේදී මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හදිසි මරණ පරීක්ෂණය ඊයේ (04වැනිදා) පැවැත්වීමට නියමිතව තිබිණි. මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

රේමන් අපෝන්සු – මීගමුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කළු සාගල හා මුතූගේ කඩු ජාවාරම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

අවුරුදු සතියේ රිය අනතුරුවලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට

පසුගිය 13 වන දින උදෑසන 06 සිට අද (20) උදෑසන 06 දකවා සතියක කාලය...

විල්ගමුව – හිංගඟේ දිය නෑමට ගිය 13 ක් කොටුවෙයි

විල්ගමුව - හිංගඟේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව එහි ගල් තලාවක් මත කොටුව සිටි...

අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට මහජන සහය පතයි

මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති...

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු 1997ට ලබා දෙන්න – සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙසත් එලෙස...

අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදෙයි

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x