27 C
Colombo
Sunday, April 11, 2021

26 හැවිරිදි පුෂ්පකුමාර ප්‍රියදර්ශන අවසන් ගමන් ගියේ අයුරු

හදිසි පිපිරීමකින් තුවාල ලැබූ බව පවසමින් රෝහල් ගතකර සිටියදී මියගිය විදුලි සේවකයෙකුගේ මරණය, වෙඩි වැදීමකින් සිදුවී ඇති බව ආනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

26 හැවිරිදි පුෂ්පකුමාර ප්‍රියදර්ශන කළුතර දොඩංගොඩ පදිංචිකරුවෙක්.

විදුලිබල මණ්ඩලයේ, වතුගෙදර සීනිගොඩ උප කාර්යාලයේ සේවය කරන ඔහු පසුගිය 30 වැනිදා ඌරගස්මංසන්ධිය, වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ රැහැන් පරීක්‍ෂාවට ගොස් තිබෙනවා.

එහිදී හදිසියේ ඇතිවූ පිපිරීමකින් තුවාල වූ බව පවසමින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්‍ෂයට පත් වුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ ඔහුගේ මරණය වෙඩි වැදීමෙන් සිදුවූවක් බවයි.

මියගිය විදුලි සේවකයා හා ඔහු සමඟ සිටි සේවකයින් ඔවුන්ගේ මිතුරෙකු වූ පොලිස් නිලධාරියෙකුට අයත් ගිනි අවියක් මිතුරෙකුගේ නිවසේදී පරීක්‍ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී අදාළ විදුලි සේවකයාට වෙඩි වැදී ඇති බවයි පැවසෙන්නේ.

එහිදී අදාළ පොලිස් නිලධාරියා නිවසේ සිටි නොමැති අතර, සිද්ධිය සැලවී වහා නිවසට පැමිණි ඔහු, තම ගිණිඅවිය සැඟවීමට ක්‍රියා කර තිබෙනවා.

විමර්ශන සිදුකරන අම්බලන්ගොඩ පොලිසිය ඔහු විසින් සඟවන ලද ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරියා හා සිද්ධිය වන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමඟ සිටි විදුලි සේවකයින් 5 දෙනෙකු ද ඌරගස්මංසන්ධිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිසියට භාරදී තිබෙනවා.

මේ අතර මියගිය පුෂ්පකුමාර ප්‍රියදර්ශනගේ දේහය ඊයේ රාත්‍රියේ දොඩංගොඩ නෑහින්න පිහිටි ඔහුගේ නිවසට රැගෙන ආවා.

ලබන මස විවාහ වීමට දහසක් බලාපොරොත්තු පොදිබැද සිටි ඔහුගේ ජීවිත ඉරණම විසඳී තිබුණේ කිසිවෙකුට සිතාගත නොහැකි අයුරින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
9
හරි හිනා !
5
හම්මෝ !
8
මාර දුකයි !
62
කුජීතයි !
10
මලපනිනව !
16
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ප්‍රපාතයට පෙරළුණු රථය ගැන අමුතුම කතාව එළියට

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී...

පුෂ්පිකාගේ කිරුල ගැලවූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර අත්අඩංගුවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ හටගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුකළ විමර්ශන...

ගල්කිරියාගම බස් රථයක් ඇළකට පෙරළෙයි – 18ක් රෝහලට

දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් අද (06) දහවල් ඇළකට පෙරළී සිදුවූ රිය...

විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.මොළයේ දුර්වලව...

පිළිකා කාරක ආහාර සහ නිෂ්පාදනය කරන ආයතන ලැයිස්තුව පිලිබඳ වාර්තාව අද එළියට

ප‍්‍රමිතියෙන් තොර සහ නිසි ප‍්‍රමිතියක් සහිත ආහාරපාන පිළිබඳ සහ ඒවා නිෂ්පාදනය කරන හා ආනයනය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x