32කට දිවි අහිමි කරමින් දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි

මධ්‍යම ඊජිප්තුවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් 165 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සොහාග් පළාතේ ටහ්ටා නගරය අසල මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මැදිරි පීලි පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙයට හේතුව වශයෙන් යම් පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන් ගත් දුම්රියේ හදිසි තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර පසුපස දුම්රිය එහි ගැටී අනතුරට ලක්ව ඇති බව එරට දුම්රිය අධිකාරිය පවසන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක් දුම්රියක් දකුණු නගරය වන ලක්සෝර් සහ මධ්‍යධරණි වරාය ඇලෙක්සැන්ඩ්‍රියාව අතර ගමන් කර තිබෙන අතර අනෙක් දුම්රිය කයිරෝ අගනුවර සහ දකුණු ඊජිප්තුවේ අස්වාන් නගරය අතර ගමන් කර තිබෙනවා.

තුවාල ලැබූවන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන්රථ 70 කට වැඩි ප්‍රමාණයක් අනතුරට ලක්වූ ස්ථානයට යවාතිබෙන අතර ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆට්ටා අල් සිසි වගකිවයුත්තන්ට දැඩි දඬුවම් දීමට කටයුතු කරන බව දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු අඟවයි

මෙරට තුළ සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ තවත් කොරෝනා රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක්...

හැමෝම ආදරේ කරන තරින්දි ප‍්‍රනාන්දු ගේ උපන් දිනය සැමරූ හැටි

තරින්දි ප‍්‍රනාන්දු කියන්නේ මේ දිනවල රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන...

පොලිසිය ඔබට බොරු චෝදනා කරලා නඩු දැම්මද ? පොලිස් නිලධාරීන්ට විරුද්ධව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මෙන්න

පොලිස් නිලධාරින් අසත්‍ය චෝදනා මත නඩු පැවරූ විටෙක ඊට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව...

හදිසි අනතුරු ඇඟවීමක්

ත්‍රිකුණාමලය , කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදේ සුළගේ වේගය ඉහළ යාමට හැකියාවක් ඇති බව...

ඖෂධ සංස්ථාවේ සභාපතිට ජනපති ඉන්න කියයි

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x