30 C
Colombo
Wednesday, September 22, 2021

කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්.. අයෙකුට පැකට් 01ක් පමණයි

අඹේවෙල හයිලන්ඩ්ස් කිරි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත හයිලන්ඩ් කිරි පැකට් මිල දි ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට (11) නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහල මහලේ හයිලන්ඩ් කිරි කර්මාන්ත ශාලාව මගින් පවත්වාගෙන යනු ලබන අලෙවිසැලෙන් කිරිපිටි පැකට් එකක් මිල දි ගැනිමටයි මෙසේ නුවරඑලිය ප්‍රදේශවාසින් දිගු පොලිම් වල රැදිසිටියේ.

වෙලදපොලේ වෙනත් වර්ගවල කිරිපිටි මිල දි ගැනිමට නොමැති නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පිහිටුවා ඇති හයිලන්ඩ් අලෙවිසැලෙන් සතියකට වතාවක් නිකුත් කරනු ලබන කිරිපිටි පැකට් එක මිල දි ගැනිමට තමන් උදැසන සිටි පොලිම් වල රැදි සිටි බවයි කිරිපිටි මිල දි ගැනිමට පැමිණි නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව පැවසුවේ.

කිරිපිටි මිල දි ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් පාලනය කිරිමට පොලිස් නිලධාරින්ට සිදු විය.

අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවේ පිහිටි අලෙවි වෙලදසැල මේ දිනවල වසා දමා ඇත.

අඹේවෙල ප්‍රදේශවාසින් කියා සිටින්නේ එම කිරිපිට කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි තොග අයිස්ක්‍රිම් නිෂ්පාදනය සහ යෝගට් නිෂ්පාදනයට පාලන අධිකාරිය විසින් බෙදා හරින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
4
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

‘මැණිකේ මම කතා කරන්නේ’ මියගිය සැමියා වසරකට පසු බිරිඳට දුරකතන ඇමතුමක් ලබාදිලා

මියගිය සැමියාගෙන් දුරකතන ඇමතුමක් ලැබීමේ හේතුවෙන් වික්ෂිප්ත වූ බිරියක පැමිණිල්ලක් කරන්නට පොලිසි ගිය සිද්ධියක්...

අරමුණු ගොන්නක් රැගෙන ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18)...

ජනාධිපතිවරයා අද ගන්න යන විශේෂ තීරණය මෙන්න

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින්...

පුංචි පවුල රත්තරන් යන කතාව පිළිනොගත් පල්ලියගුරු පවුල

ඉස්සර හැම පවුලකම දරුවෝ අට නවදෙනෙක් සිටියෝය. නමුත් ‘පුංචි පවුල රත්තරන්’ කතාව බොහෝ පවුල්වල...

නොකියු දෙයක් සිදුකල බාර් සැල් හිමියන්ට වැඩ වරදින ලකුණු

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ වීමකින් තොරව ගෙන ඇති බව නියෝජ්‍ය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x