9 වැනි මහලෙන් පැන්නාද? වැටුණාද? තරුණයෙකුගේ සිරුරක් නිවාස සංකීර්ණය පාමුල

තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණය පාමුලදී තරුණයෙකුගේ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

එම සිරුර එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කළ තරුණයෙකුගේ සිරුරක් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නම් විසි හය හැවිරිදි තරුණයෙකුයි.

මහල් 12 කින් සමන්විත නිවාස සංකීර්ණයේ 09 වැනි මහලේ මෙම තරුණයා සිය මව සහ සොහොයුරිය සමඟින් පදිංචිව සිට තිබෙනවා.

සිද්ධියට අදාළ දිනයේදී මියගිය තරුණයා රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ නින්දට ගොස් තිබෙනවා.

පසුව මියගිය තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට වැටී සිටින බවට අලුයම මවගේ ජංගම දුරකථනයට පණිවුඩයක් ලැබී තිබෙනවා.

ඒ අනුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම පණිවුඩය ජංගම දුරකථනය හරහා මව වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳ කිසිවක් ඔවුන් නොදැන සිට ඇති බව මව සහ සොයුරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වනවා.

මියගිය තරුණයා පදිංචි නිවසේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් සුදු යකඩ ආවරණයක් ඒ වටා ඉදි කර තිබෙන අතර තරුණයා බැල්කනියෙන් පිටතට පැන්නාද ? වැටුණා ද යන්න ස්ථිර ලෙස කිව නොහැකි බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
1
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
7
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

සීඅයිඩිය මීළඟට වැඩේ දෙන්නේ මෙයාට – හරීන්ගෙන් අනාවැකියක්

ඊළඟට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් හඹා යන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පිළිබඳව හෙළිදරව්වක්...

වාර්තා අතරටත් ගිය විශාලතම නිල් මැණික් පොකුරේ, මෙතෙක් නොදුටු දර්ශන සියල්ල එළියට

ලොව විශාලතම තාරකා නිල් මැණික් පොකුර ලෙස සැලකිය හැකි මැණික් පොකුරක් රත්නපුර ප්‍රදේශයෙන් සොයා...

රත්නපුර ප්‍රදේශයෙන් අතුරුදන් වූ දරුවාගේ ගමන් මාර්ගය ගැන ලැබුණ ඉඟිය මෙන්න

රත්නපුර ප්‍රදේශයෙන් අතුරුදන්වූ දරුවා ශ්‍රී පාද ප්‍රදේශයට පැමිණි ඇති බව අනාවරණය වීමත් සමඟ පොලිසිය...

සූම් අස්සේ අතවර රැල්ලක්… ගුරුවරියන්ට හා දරුවන්ට සූම්වලින් නිරුවත් ඡායාරූප…

ඔයාලට තවම සූම් ගැන හරි අවබෝධයක් නෑ. ඒ නිසා මේ තාක්ෂණය ගැන හොඳට ඉගෙන...

ලබන සඳුදා සිට සංචරණ සීමා වෙනස් වෙන්නේ මෙහෙමයි

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන සදුදා සිට ඉවත් කෙරෙන බව වාර්තා වී...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x