28 C
Colombo
Saturday, May 15, 2021

අධිවේගයේ අනාරක්ෂිත ලෙස ගිය පස් දෙනාට ඇප

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක දොර කවුළු මත නැගී අපරික්ෂාකාරි අන්දමින් ගමන් ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රිමාන්ඩ් ගතව සිටි සැකකරුවන් පස් දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (22 ) නියම කළේය .

දින දහයක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සේවාදායකයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වරද පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටින බවත් , සිද්ධිය සම්බන්ධයෙන් කණගාටු වන බැවින් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල නාවලගේ සහ නීතිඥ රජිව් පී විතාන යන මහත්වරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහෙස්ත්‍රාත්වරයා ඇප නියම කළේය .

මහනුවර ,උඩතලවින්න සහ අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනකු මෙසේ ඇප මත මුදාහරිණි

මොවුන් ගාල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සදහා යමින් සිටියදී මෙලෙස විනය විරෝධී ආකාරයෙන් ගමන් කර ඇති බවට වෙනත් වාහනයක කැමරාවක පටිගත වී ඇති දර්ශන අන්තර් ජාලයට මුදාහැර තිබූ බවට අධිකරණයේ දී කරුණු අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොවිඩ් ආසාදිතයින් 889ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 889 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ඒ...

පොලීසියෙන් සිදුකළ අමානුෂික පහරදීමක් (CCTV දර්ශන)

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක් වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.අදාළ සිදුවීම...

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව හොර රහසේ එලියට – හමුදා ආරක්‍ෂාව ඉල්ලයි

හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා...

මීගොඩ දී සංචරණ සීමාවන්ද නොතකමින් දහසකට ආසන්න පිරිසක් දිගු පෝලිම්වල

ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන ලෙස රජය විසින් සිදු කළ දැනුම්දීම අනුව රාත්‍රී කාලයේ ක්‍රියාත්මක...

නිරෝධායන රීති කැඩු තවත් 435ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ නිරෝධායන  නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු අත්අඩංගුවට ගෙන...

ආදිවාසීන් අනතුරේ – මහියංගණයත් කොවිඩ් ගිලගනී

මහියංගණය සහ අවට ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x