30 C
Colombo
Sunday, April 11, 2021

LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේ යාපනය නගරාධිපති වන 37 හැවිරිදි විශ්වලිංගම් මනිවන්නන් අද අළුයම යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ පසුගිය දිනවල යාපනය නගරයේ විවිධ රාජකාරි වල යොදවා සිටි යාපනය නගර ආරක්ෂක බලකාය නැමැති ආරක්ෂක ඒකකය පිළිබඳව යාපනය නාගරික කොමසාරිස් සහ අනිකුත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

මෙම නගර ආරක්ෂක බළකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක් ද නිර්මාණය කර තිබූ අතර එම නිල ඇඳුම එල් ටී ටී ඊ සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට බෙහෙවින්ම සමාන නිළ ඇඳුමක්.

එල්ටීටීඊ සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක්.

මෙසේ අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා අද දින ත්‍රස්ත ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
18
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
0
කුජීතයි !
2
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රන්ජන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය

යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය...

බන්ධනාගාරයකින් පැන ගිය පුද්ගලයා වසර කිහිපයකට පසු පොලිසියට හසුවුණ හැටි

ප්‍රමුඛ පෙළේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාකප්පම් සිද්ධියක් සම්බන්ධයෙන් මොහුව...

කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x