26.3 C
Colombo
Wednesday, September 29, 2021

O/L, ශිෂ්‍යත්වය සහ A/L විභාගයන් පැවැත්වීමට නියමිත දින මෙන්න

අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට යෝජිත දින අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අදාළ සැලසුම් මේ වනවිට සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පැවසීය.

කෙසේවෙතත් ඔහු පෙන්වා දෙන්නේ අදාළ දිනයන් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර එම දිනයන් සැලසුම් කර ඇති දින පමණක් බවය.

ප්‍රධාන මාධ්‍ය නාලිකාවක වැඩසටහනකට සම්බන්ධවෙමින් එල්. එම්. ඩී ධර්මසේන මහතා ඒ බව පැවසීය.

“නොවැම්බර් 14 වගේ තමයි ශිෂ්‍යත්ව විභාගය තියන්න සැලසුම් කරලා තියෙන්නේ. අපොස උසස් පෙළ නොවැම්බර් 15 සිට දෙසැම්බර් 10 දක්වා. අපොස සාමාන්‍ය පෙළ 2022 වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 3 දක්වා තමයි සැලසුම් කරලා තියෙන්නේ. මේ දින මම කිව්වා කියලා අනිවාර්යයෙන් තියෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ… මේක සැලැස්මක් විතරයි. මට අද කියන්න බැහැ මේක ස්ථීරයි කියලා. දරුවන්ගේ සහ දෙමව්පියන්නේ ඉල්ලීම් ගැන සලකා බලාවි. දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් කරන්න ඕනේ. අපි දන්නවා දරුවන්ගේ පීඩනය. කොහොමත් විභාගය තියෙනවා. ඒ කාලයට ගැලපෙන පරිදි තීරණ ගනී. දරුවන් සූදානම් වෙලා ඉන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
48
11.svg?v=2.6
අවුල් වගේ !
17
22.svg?v=2.6
හරි හිනා !
14
3.svg?v=2.6
හම්මෝ !
11
31.svg?v=2.6
මාර දුකයි !
17
27.svg?v=2.6
මලපනිනව !
23
30.svg?v=2.6
කුජීතයි !
14
48.svg?v=2.6

මෙවැනිම සතියේ ජනප්‍රිය පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අවුරුදු 50ට වැඩි සියලුදෙනාට තවත් එන්නතක් ?

ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර්...

සහල් මිල සංශෝධනය වේ. ඉහළ ගිය මිල ගණන් මෙන්න

සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන්...

මං වැලි ජාවාරම් කරනවා නම් පොලිසියට පැමිණිලි කරන්න – නාමල්

තමන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්යේ වැලි ජාවාරමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන...

කොවිඩ් අඩුවෙද්දී තවත් කරදරයක්

තද සුළං, රළු මුහුදු ප්‍රදේශ සහ මුහුදු රළ ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්...

“ඊළඟ ආත්මේ මගේ වෙන්න පන” – පියුමි හංසමාලි තැබූ සංවේදි සටහන

පියුමි හංසමාලි කියලා කියන්නේ කවුරුත් දන්න ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඇයගේ මිලියන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x