25 C
Colombo
Monday, June 14, 2021
logo

PCR කරන්න ගොස් ගුරුවරියකට හදි කළැයි PHI අත්අඩංගුවට

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය නියෝග කරනු ලැබුවා.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වන යොහාන් අබේසේකර නමැති විවාහක සැකකරුවෙකි.

අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට PCR පරීක්ෂණයක් සිදුකිරීමට සැකකරු ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී ඔහු ගුරුවරියට ලිංගික අතවර කිරීමට තැත් කළ බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවමත් අවසන්ව නොමැති නිසා සැකකරු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවසුවේ සැකකරු ගුරුවරියකට අතවර කළ බවට එල්ල වන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

සැකකරු රාජකාරියකට ගිය අවස්ථාවේ නිරෝධායනය කර තිබූ එම නිවසට අනවසරයෙන් පැමිණ සිටි පුද්ගලයකු ඇතුළු පිරිසක් ඔහුට පහර දී රාජකාරියට බාධා කර ඇති බවය.

එසේ අධිකරණයට කරුණු පැහැදිළි කළ නීතිඥවරුන් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද ඉල්ලා සිටියේය.

තමා රාජකාරියට ගිය අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරියගේ නිවසේ සිටි පිරිසක් තමන්ට පොලුවලින් පහරදුන් බව පවසමින් සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද පොලිසියට පැමිණිල්ලක් කර පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ.

තිසල් තෙන්නකෝන් – සාලියපුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
13
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
19
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
7
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
8
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
14
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
20
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගමේ මිනිස්සු බලා සිටිද්දී ‘කොළඹින් පැමිණ’ කොවිෂිල්ඩ් එන්නත ලබාගත් හැටි

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් ඊයේ (07) දිනයේ...

සංචරණ සීමා දීර්ඝ කෙරේ

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේවන විට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ...

ජීවිත 1600ක් අන්තිම ගමනට යැවූ, ජලාශයකට පෙරළුණු ලොරි රථය මෙන්න

මහනුවර ගම්පොල ප්‍රදේශයට කුකුළන් 1600ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගණය මහනුවර ප්‍රධාන මාර්ගයෙන්...

කෝවිලක් කඩා දමයි..

යාපනය ඒ-9 ප්‍රධාන මාර්ගයේ කොඩිකාමම් ප්‍රදේශයේ ඉදිකර තිබූ හින්දු කෝවිලක් ඊයේ (08) රාත්‍රියේ කඩා...

අම්මටයි දුවටයි මිළක් නියම කළ ජාවාරම්කරු ගැන තොරතුරු හෙළිවේ

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර පහළොස් හැවිරිදි දැරියක සහ ඇගේ මව මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x