30 C
Colombo
Friday, September 17, 2021

PHIට කෙළ ප්‍රහාරයක්

කොවිඩ් -19 ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටය. 

ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

අදාළ සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර ඇති බවට වාර්තා වූ බවද පොලීසිය පවසයි.

ඉන් අනතුරුව එම කෙළ ප්‍රහාරය එල්ලකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව ගිරිඋල්ල පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

2020 වසරේ දෙසැම්බර් 02වනදා මේ ආකාරයෙන්ම සිද්ධියක්  බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

එහිදී අදාළ සැකකරුට නඩු පැවරීමෙන් අනතුරුව වසර 6ක සිරදඬුවමක් පානදුර අධිකරණය මගින් නියම කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
2
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
3
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
2
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ඉල්ලා අස්වූ ඉෂිනි දැන් කියන කතාව

පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටී අලි ඇතුන් ආරක්ෂා කිරීමේදී තමන් අසරණ වූ බව එහි...

ෆයිසර්ට වැඩිය සයිනොෆාම් මට විශ්වාසයි – මහාචාර්ය විතාරණ

ෆයිසර් එන්නතට වඩා සයිනොෆාම් එන්නත යම් ආරක්ෂාකාරී බව තම පෞද්ගලික විශ්වාස යැයි මහාචාර්ය තිස්ස...

ඔබේ දරුවා ට කොවිඩ් මර්දන එන්නත ලැබෙන්නේ මෙහෙමයි

වයස අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබාදීම අදියර 03ක් යටතේ සිදුකිරීමට...

අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන...

ඇඳිරි නීතිය අස්සේ පවත්වාගෙන ගිය ලොව පැරණිම රැකියාව

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x