31 C
Colombo
Saturday, April 10, 2021

SI ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ රාජගිරියේ අනතුර

රාජගිරියේදී අද අලුයම සිදු වූ අනතුරකින් රථ වාහන පරීක්‍ෂාවේ යෙදී සිටි උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

එම පොලිස් නිලධාරින් කුඩා ලොරි රථයක් පරීක්‍ෂා කරමින් සිටියදී වේගයෙන් පැමිණී වෑන් රථයක් කඩා වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවයි වාර්තාවන්නේ. රාජගිරිය බණ්ඩාරනායකපුර මාර්ගය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4.30ට පමණයි. සිද්ධියවන අවස්ථාවේදී රථ වාහන පරීක්‍ෂාවේ නිරතව සිටි පොලිස් නිලධරින් විසින් කුඩා ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. අනතුර සිදුකළ රියදුරා මෙන්ම අදාළ වෑන් රථයද පොලිස් භාරයට ගත් අතර, එහි හිමිකරු ද අද වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ සිටියා.

මෙම අවාසනාවන්ත අනතුරින් මියගියේ ගාල්ල වලහංදූව බඳුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රංජිත් ප්‍රියන්ත නමැති 52 හැවිරිදි එක්දරු පියෙක්. තම පුතුට අත්වූ මෙම අවාසනාවන්ත ඉරණම දැනගත් ඔහුගේ මව දැඩිලෙස කම්පාවට පත් වුණේ මේ ආකාරයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

එරික් පෙරේරා ඉවත් කරන්නැයි මා ලියු ලියුම මාධ්‍යවලට ගියේ කෙසේදැයි පරීක්‍ෂණයක් කරන්න..- අරුන්දික

තමන් විසින් නීතිය හා සාමය භාර අමාත්‍යවරයාට වෙන්නප්පුව පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් යොමු ලිපිය එම...

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ...

පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලැබුණ වරප්‍රසාදය

පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයන්ට හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණයක් පිළිබඳව සභාව කල් තබනු ලබන අවස්ථාවේදී...

පිළිකාකාරක පොල්තෙල් ගැන සොයන්න නීතිපතිගෙන් CIDයට උපදෙස්

මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල්  සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර...

කොරෝනා මරණ 586 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05ක් අද (05) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x